ගැටලුව
දශමය 14.25₁₀ ට තුල්‍ය වන නිවැරදි ද්විමය සංඛ්‍යාව කුමක්ද?
A. 1001.10
B. 1010.11
C. 1011.01
D. 1110.01
E. 1111.10
A/L ICT Number System පාඩමේදී නිතරම එන ප්‍රශ්නයක් තමයි දශම සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කිරීම.
ඔබ මෙහිදී දැනගත යුතු සිද්ධාන්ත
දශම සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කරන විට, සංඛ්‍යාව කොටස් දෙකකට බෙදාගන්න ඕනේ.
14.25₁₀ = 14 + 0.25
මෙහි,
14 → පූර්ණ සංඛ්‍යා කොටස
0.25 → දශම කොටස
ඒ නිසා අපි මේ දෙක වෙන වෙනම binary වලට convert කරලා, අවසානයේ එකට එකතු කරනවා.
1 වන පියවර:
14₁₀ ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කිරීම
පූර්ණ සංඛ්‍යා කොටස binary වලට convert කරන විට 2 න් බෙදීමේ ක්‍රමය භාවිතා කරනවා.
Binary answer එක ලියන්නේ පහළින් ඉහළටයි.
ඒ නිසා,
14₁₀ = 1110₂
2 වන පියවර:
0.25₁₀ ද්විමය දශමයකට පරිවර්තනය කිරීම
දශම කොටස binary වලට convert කරන විට 2 න් ගුණ කිරීමේ ක්‍රමය භාවිතා කරනවා.
දශම කොටස 0.00 වුණාම process එක නවත්වන්න පුළුවන්.
ඒ නිසා,
0.25₁₀ = .01₂
3 වන පියවර:
දෙකම එකතු කිරීම
අපිට ලැබුණු answers දෙක:
14₁₀ = 1110₂
0.25₁₀ = .01₂
ඒ නිසා,
නිවැරදි පිළිතුර වන්නේ:
D. 1110.01
Exam Tip
A/L ICT exam එකේ මේ වගේ decimal to binary conversion ප්‍රශ්නයක් ආවොත්, මුලින්ම number එක කොටස් දෙකකට බෙදාගන්න.
පූර්ණ කොටස → 2 න් බෙදන්න
දශම කොටස → 2 න් ගුණ කරන්න
මේ ක්‍රමය මතක තියාගත්තොත්, decimal point තියෙන number system questions පහසුවෙන් විසඳගන්න පුළුවන්.