Question 15 – Unit 08: Database Management Systems (DBMS)

Question 15 - Unit 08 Database Management Systems (DBMS)

A/L ICT Quiz - දත්ත සමුදාය කළමනාකරණ පද්ධති (Unit 08)

අ.පො.ස. උසස් පෙළ ICT විෂය නිර්දේශයේ 8 වැනි ඒකකය යටතේ නිතර අසනු ලබන 'සම්බන්ධක දත්ත සමුදායන්හි යතුරු' (Keys in Relational Databases) පිළිබඳ වැදගත් විභාග ගැටළුවක් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

ප්‍රශ්නය 01: දත්ත සමුදාය යතුරු (Database Keys)

සම්බන්ධක දත්ත සමුදායක (Relational Database) පවතින වගු (Tables) දෙකක් අතර සබඳතාවයක් (Relationship) ගොඩනැගීම සඳහා සහ දත්තයන්හි සමුද්දේශ අඛණ්ඩතාව (Referential Integrity) ආරක්ෂා කිරීම සඳහා එක් වගුවක ඇති ප්‍රාථමික යතුර (Primary Key) වෙනත් වගුවකට ඇතුළත් කළ විට, එම දෙවන වගුවේ එම උපලක්ෂණය (Attribute) හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද?

  • A) ප්‍රාථමික යතුර (Primary Key)
  • B) අපේක්ෂක යතුර (Candidate Key)
  • C) ආගන්තුක යතුර (Foreign Key)
  • D) සංයුක්ත යතුර (Composite Key)
  • E) සුපිරි යතුර (Super Key)
විවරණය:

සම්බන්ධක දත්ත සමුදායන්හි වගු එකිනෙක සම්බන්ධ කිරීමට සහ දත්ත අනන්‍යව හඳුනා ගැනීමට විවිධ යතුරු (Keys) භාවිතා වේ.

යතුර (Key) ප්‍රධාන කාර්යය
Primary Key (ප්‍රාථමික) වගුවක ඇති වාර්තා (Rows/Tuples) එකිනෙකෙන් වෙන්කර අනන්‍යව (Uniquely) හඳුනා ගැනීමට ගන්නා ප්‍රධාන උපලක්ෂණයයි. මෙයට Null අගයන් ගත නොහැක.
Foreign Key (ආගන්තුක ) වගු දෙකක් අතර සබඳතාවක් (Relationship) ගොඩනැගීමට භාවිතා කරයි. එක් වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක උපලක්ෂණයක් ලෙස යෙදූ විට එය පරකීය යතුරක් වේ.
Candidate Key (අපේක්ෂක) වගුවක ප්‍රාථමික යතුරක් වීමට සුදුසුකම් ඇති, වාර්තා අනන්‍යව හඳුනාගත හැකි සියලුම තනි හෝ සංයුක්ත උපලක්ෂණ වේ.
Composite Key (සංයුක්ත) වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීමට තනි උපලක්ෂණයකට නොහැකි වූ විට, උපලක්ෂණ දෙකක් හෝ වැඩි ගණනක් එකතු වී සෑදෙන ප්‍රාථමික යතුරයි.
නිවැරදි පිළිතුර: C) ආගන්තුක යතුර (Foreign Key)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *